අවශ්‍ය දේ
- ඔලිවු ඔයිල් ( එක්ස්ට්‍රා වර්ජින් )
- සුදු ළුණු
සුදු ළුණු වල ඇතුලත් වැදගත් සංගටක වන සල්ෆර්, කොපර්, විටමින් ක, සෙලනීම්
සහ බොහෝ කණිජ ද්‍රව්‍ය හිස කෙස් වර්ධනයට බොහෝ සේ වැදගත් වෙනවා. කොපර් හිස කෙස් වර්ධනය ඉහල දමනවා, එමෙන්ම
ඝන කර වර්ණයද දැඩි කරනවා. හිසකෙස් වැටීම වැළක්වීමේ සුවිශේෂී ගුණද සුදුළුනු වල ඇතුලත් වෙනවා.
සාදා ගන්නා විදිය
1. සුදුළුනු බිකි 2-3ක් ගෙන කුඩාවට කපා ගන්න
2. ඔලිවු ඔයිල් මේස හැදී 2ක් ගෙන එකට කපා ගත සුදු ලූණු එකතු කර ගන්න.
3. පැයක පමණ කාලයක් මෙසේ තියෙන්නට හරින්න. එවිට සුදු ළුණු වල සාරය සහ ඔලිවු ඔයිල් හොදින් මිශ්‍ර වේ.
4. පිරිසිදු රෙදි කඩකින් මිශ්‍රණය පෙරා ගන්න.
5. වෙන්කරගත් මෙම තෙල් හිසේ ගලවා හොදින් ඇගිලි තුඩු වලින් මසාජ් කරන්න.
6. සුදුළුනු වලින් දුර්ගන්ධයක් වගේ දැනෙනවා නම් හිස සෝදා මෘදු ෂැම්පු වර්ගක් මගින් සෝදා දමන්න.
7. සතියට 2-3 වරක් කරන්න පුළුවන් නම් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිපල ලැබේ.
Blogger Comment
Facebook Comment