කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
1. හිස කෙස් වැටීම වලක්වයි.
2. හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.
කරපිංචා ෂැම්පු
- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- වතුර කෝප්පයක්
විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න
කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න.මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න, සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.
Blogger Comment
Facebook Comment