New Ministers To Sworn-in on Thursday 27th


 ඇමති මණ්ඩලය දිවුරුම් දීම බ්‍රහස්පතින්දාට කල් යයි



කැබිනට්-52 (එජාප35 ශ්‍රීලනිප17)
නියෝජ්‍ය-30 (එජාප15 ශ්‍රීලනිප15)
රාජ්‍ය-10 (එජාප03 ශ්‍රීලනිප07)
නව රජයේ ඇමති ධූර ලබාදෙන අය ගැන තවමත් අවසන් තීන්දු ලබාගෙන නැති නිසා දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(25) දක්වා කල් දමා ඇත. කෙසේ වෙතත් ඇමතිවරුන් ගණන ගැන අවසන් තීන්දුවක් ඊයේ සවස වනවිට ගෙන තිබුණි. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා 27 සහ සිකුරාදා 28 දෙදිනම ඇමතිවරුන් කොටස් දෙකක් ලෙෂ දිවුරුම් දෙන්නට නියමිත බව දේශපාලන ආරංචි හෙළි කරනවා.


නව රජයේ ඇමතිවරුන් සංඛ්‍යාව ගැන පසුගිය දිනවල විවිධ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වුණ අතර එක් එක් අය විවිධ ගණන් ඉදිරිපත් කරා. නමුත් ඊයේ 24 සවස වනවිට අගමැතිවරයා සහ ජනපතිවරයා එක්ව සිදු කළ සාකච්ඡා අනුව ඇමති විෂයයන් සම්බන්ධ අවසන් තීරණ ගෙන ඇත. ඒ අනුව කැබිනට් ඇමතිවරුන් 52 ක් පත්කිරීමට නියමිතය.

එම 52 න් 35 ක් එජාපයටත් 17 ක් ශ්‍රීලනිපයටත් ඛෙදී යනු ඇත.
නියෝජ්‍ය ඇමතිවරුන් 30 ක් පත් කරන අතර එයින් 15 ක් එජාපයටත් 15 ක් ශ්‍රීලනිපයටත් ඛෙදී යනු ඇත. රාජ්‍ය ඇමති ධූර 10 ක් පිරිනමන අතර එයින් එජාපයට 3 ක් හා ශ්‍රීලනිපයට 7 ක් දීමට නියමිතය.
මේ අනුව නව රජයේ සම්පූර්ණ ඇමතිවරුන් සංඛ්‍යාව 92 කි.
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment