ලොකු පට්ටම්වලට පොරකා ශ්‍රීලනිප ඇමතිකංදීම පමාවෙයි
කැබිනට් ඇමතිධූර 45 ට බසී
හෙට කොටසක් දිවුරුම්දී අනෙක් කොටසට දින නියමයක්නෑ
එජාපය හා ශ්‍රීලනිපය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ගිවිසුම් අත්සන් කළද බලයට පවතින පොරකෑම නිසා මෙම ජාතික ආණ්ඩුවේ ලොකු පට්ටම් ලබාගැනීමේ සාකච්ඡා තවම අවසන් තීරණයකට එළැඹ නැත. පෙරේදා වනවිට කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව 52 දක්වා ඉහළ දමා තිබුණත් නීතිමය ගැටලූ පැනනගින නිසා ඊයේ වනවිට ඇමති විෂය පථ 45 ක් දක්වා අඩු කර ඇති අතර නියෝජ්‍ය ඇමති ධූරද 40 ක් පිරිනමන්නට යෝජනා කර ඇත. රාජ්‍ය ඇමති සංඛ්‍යාව 10 වන අතර ඒ අනුව සියලූ යෝජිත ඇමති ධූර 95 කි.
ඇමතිවරුන් නම් කිරීම එජාපය පහසුවෙන් සිදු කළත් ශ්‍රීලනිපය ලොකු තනතුරු ඉල්ලන්නට පොර කෑම නිසා මේ වනවිට අවසන් නිගමනයන් ගැනීමට දෙපාර්ශ්වයටම අසීරු වී ඇත. මේ අතර වාර්තාවූයේ නිමල් සිරිපාල මන්ත්‍රීවරයා නියෝජ්‍ය අගමැති ධූරයක් අපේක්ෂා කළ බවකි. එවැන්නක් ගැන පසුගිය ජනාධිපතිවරණයේදී කතාබහක් තිබුණත් 19 වන සංශෝධනයේ නැති නිසා අලූත් ව්‍යවස්ථාවක් එනතුරු එවැන්නක් පිරිනමන්නට හැකියාවක් නැති බව අගමැති රනිල් පිළිතුරු සපයා ඇත.
ඊයේ වනවිට ශ්‍රීලනිපයට වෙන් කර තිඛෙන අමාත්‍යංශ ලැයිස්තුව දැක කලකිරීමට පත් ජ්‍යෙෂ්ඨයින් එය දැඩි විවේචනයට ලක්කර කියා ඇත්තේ මෙතරම් සුළු දේකට තමන් ජාතික ආණ්ඩු ගිවිසුම් ගසන්නට බැරි බවයි’ ඉන් පසු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව වී ඇත්තේ තමන්ට මුදල් ඇමතිකම, විදුලිබල හා බලශක්ති ඇමතිකම සහ සමෘද්ධි ඇමතිකම වැනි වැඩි පිළිගැනීමක් තිඛෙන අමාත්‍යංශ අවශ්‍ය බවයි. එවැනි ඉල්ලීම් සියල්ල ඉටු කරන්නට හැකියාවක් නැති බව පෙන්වාදීම නිසා ඊයේ රාත්‍රීය වනවිටත් මේ ගැන අවසන් තීන්දුවක් නොගෙනම සාකච්ඡා නතර කර ඇත.
මේ අවස්ථාවේ කෝපයට පත් කබීර් හෂීම් ඇතුළු ඇමතිවරුන් පිරිසක් කියා ඇත්තේ අපිට එහෙනම් ජාතික ආණ්ඩු ඕන නෑ අපට වෙනම පක්ෂ සමග එක්ව රජයක් පිහිටුවන්නට හැකි බවකි.
කෙසේ නමුත් ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උවමනාව වන්නේ මෙම ගැටලූව හැකිතරම් දුරට කාගේත් සිත් සතුටු කර විසඳන්නටය. දිවුරුම්දීම සඳහා හෙට 27 හා අනිද්දා 28 යොදාගෙන තිබුණත් මේ වනවිට වාර්තාවන්නේ පළමු කොටස හෙට 27 දිවුරුම් දීමෙන් පසු මතභේදයට ලක්වූ අමාත්‍යංශ ඛෙදාගැනීම් ගැන සාකච්ඡා තවදුරටත් පවත්වා ඉතිරි කොටස ඉදිරි සතියකදී දිවුරුම් දෙන්නටය.
Blogger Comment
Facebook Comment