Kumar Sangakkara disappointed perceptive political omen

දේශපාලන සතර පෙරනිමිති දැකීමෙන් සංගා කලකිරිලා


පසුගිය සදුදා (24) ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, සමුගැනීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පිරිනමන ලද එක්සත් රාජධානියේ මහකොමසාරිස් ධූරය කාරුණිකව ප්‍රතික්ෂේප කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එසේ මහකොමසාරිස් ධූරය භාර ගැනීම කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට සංගාට හේතු වී ඇත්තේ මෑත දිනකදී ඔහු ලද අත්දැකීමකි. එනම් වකුගඩු රෝගය සම්බන්ධයෙන් සන්නාම තානාපති ධූරය භාර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නිල නිවසට ගිය දිනයේදී ඔහුට පැය ගණනකට කලින් ජනාධිපතිවරයා හමුවීමට පැමිණ සිටි පරාජිත මැති ඇමතිවරුන් දැකීමයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුමාර් සංගක්කාරගේ පුද්ගලික හිත මිතුරන්ය. ඔවුන්ගේ උපන්දින සාද ඇතුළු විවිධ උත්සව සඳහා සංගක්කාරද සහභාගි වී තිබේ. මීට ටික කලකට ඉහතදී විරාජමානව බැබළුණු මෙම මැති ඇමතිවරුන් සංගක්කාර දකිද්දී ලැජ්ජාවෙන් හැකිලෙමින් සංගක්කාරව මග හැරීමට උත්සාහ කොට ඇත.

ඔවුන් සැමටම කලින් සංගක්කාරව හමුවී ඇති ජනාධිපතිවරයා තමන් වෙනුවෙන් ඡන්දය ඉල්ලා පැරදුනු පුද්ගලයන්ව එතරම් ගණන් ගෙන නැත. දේශපාලනයේ සැබෑ ස්වරූපය එයින්ම සංගක්කාරට අවබෝධ වී තිබේ. කවදාවත් දේශපාලනයේ නියැලීමටවත් දේශපාලන පත්වීම් ලබා නොගැනීමටවත් සංගක්කාර තීරණය කොට ඇත්තේ එදාය. එහෙත් ජනාධිපතිවරයාගේ යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කිරීම ඔහුට කරන අගෞරවයක් බැවින් සංගා ඊයේ කිසිවක් ප්‍රකාශ කොට නොමැත.

කෙසේ වෙතත් තවත් වසරක පමණ කාලයක් එංගලන්තයේ කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම සඳහා සංගා නුදුරේදී යලිත් එංගලන්තයට යාමට නියමිතය.
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment