කෙනෙකු විසින් භාවිතා කරන සුවඳ විලවුන් යනු ඔහුගේ හෝ ඇයගේ පෞරුෂත්වය මනින සාධකයක් බවට වර්තමානයේ පත් වී ඇත. එම නිසා සුවඳ විලවුන් නිසි ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි යන්න දැන සිටීම ඉතා වැදගත් වේ.
සුවඳ විලවුන් ගැල්වීට ප්‍රථම මොයිස්චරයිස් වර්ගක් ආලේප නරන්න. එය ඔබ ගල්වන සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ වේලාවක් රඳවා තබා ගැනීමට උපකාරී වේ.
සුවඳ විලවුන් ගැල්වීට ප්‍රථම මොයිස්චරයිස් වර්ගක් ආලේප නරන්න. එය ඔබ ගල්වන සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ වේලාවක් රඳවා තබා ගැනීමට උපකාරී වේ.
ඔබේ සුවඳ විලවුන් බෝතල් දීර්ඝ කාලයක් භාවිත කිරීමට නම් තාපය, ආලෝකය සහ ආර්ද්‍රතාවය අඩු ස්ථානවල ගබඩා කරන්න. විශේෂයෙන් ම ජනෙල් අසලින් සුවඳ විලවුන් බෝතල් ඈත් කර තබන්න.
සුවඳ විලවුන් ගැල්වීමේ දී ඔබ ස්නානය කළ පසු ඇඳුම් ඇඳීමට හා ආභරණ පැළඳීමට ප්‍රථම ගල්වන්න.
අතේ මැණික් කටුව අසල සුවඳ විලවුන් ගැල්වීමෙන් අනතුරු ව දෑත් එක මත එක පිරිමැදීමෙන් වළකින්න.
මධ්‍යසාර අඩංගු සුවඳ විලවුන් වර්ගයක් එක එල්ලේ ම හිස කෙස් මත ගැල්වීමෙන් වළකින්න. එය ඔබේ හිස පීරන බුරුසුවට හෝ පනාවට ඉසින්න. අනතුරු ව හිස පීරන්න. එහි සුවඳ දීර්ඝ කාලයක් හිස කෙස් මත රැඳෙයි.
සුවඳ විලවුන් බෝතලයේ අවසාන දියර බින්දුව දක්වා ම භාවිතයට ගන්න. ඔබට ම අනන්‍ය වූ සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගන්න.
ඔබ අලුත් සුවඳ විලවුන් වර්ගයක් පරීක්ෂා කිරීමේ දී එය ගැල් වූ වහා ම සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් වළකින්න. තරමක් වේලා ගත වූ පසු (වියලි බවට පත් වූ පසු) සුවඳ ආඝ්‍රාණය කරන්න.
ඔබ නින්දට යෑමට ප්‍රථම ඔබ හිස තබන කොට්ටයට සුවඳ විලවුන් ගල්වන්න, එමගින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පුළුවන්.
ඔබේ ඇඳුම් අල්මාරිය පතුළට ටිෂූ කිහිපයක් දමා ඒ මත සුවඳ විලවුන් ගල්වන්න, ඔබේ ඇඳුම් සුවඳින් යුක්ත වෙයි.
උපුටා ගැනිම : http://life.am.lk/life/%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F/%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/5662#!prettyPhoto වෙතින්
Blogger Comment
Facebook Comment