බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනාගත් සුරූපිනියක් සිරස නාලිකාවේ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. ඇය නමින් චරිනි බණ්ඩාර. චරිනි රාත්‍රී 7 සහ 10 සිරස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නරඹන කොයි කාගෙත් වැඩි අවධානයක් දිනාගත් චරිතයක්. හැබැයි ඇය හිටි හැටියේ රට හැර යන බවයි ආරංචි උනේ…
“මුලින්ම සිරස නිව්ස් ෆස්ට් අලෙවි අංශයට සම්බන්ධ වුණේ. ඉන් පස්සේ තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන්න පටන් ගත්තේ. ගිය අවුරුද්දේ මම විවාහ වුණා. ඔහු වරුණ මෙන්ඩිස්. ඔහුගේ පදිංචිය ඕස්ට්‍රේලියාවේ. වෘත්තියට තියෙන ආසාව ආදරය නිසාම තමයි විවාහ වෙලත් දෙන්නා දෙතැනක හිටියේ. ඒත් විවාහය කියන්නේ මගේ ජීවිතේ අංක එක. ඒ නිසාම තමයි මේ කැප කිරීම කරලා පදිංචියට ඕස්ට්‍රේලියා යන්න හිතුවේ. ප්‍රවෘත්ති නිවේදිකාවක විදිහට කටයුතු කරන්න ඇවිත් දැන් අවුරුදු තුනක්.
මම පදිංචියට ඕස්ට්‍රේලියා ගියත් ප්‍රවෘත්ති නිවේදිකාවක විදිහට මම දිගටම රැඳී ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන සිංහල නාලිකාවකට සම්බන්ධ වෙන්න මේ වන විටත් මට අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ ගමන මෙතනින් නතර වෙන්නේ නැහැ. “
උපුටා ගැනිම :http://gossip.am.lk/gossip/18189/ වෙතින්
Blogger Comment
Facebook Comment