රිටිලගල කන්ද මුදුනේ නිල්-කහ එලි විහිදුවන පියාඹණ පීරිසියක් ?
රිටිගල කන්දේ ඉහල අහසෙහි පාවෙන පීරිසියක් වැනි වස්තුවක් දුටු බව මුරියාකඩවල පදිංචි ව්‍යාපාරිකයෙකු වූ කේ.බී කුමාරසිරි දිසානායක මහතා පවසයි. ඒ අසල මාර්ගයෙන් තමන් රාත‍්‍රී 12ට පමණ ගමන් කරද්දී එම අද්භුත පාවෙන වස්තුව දුටු බවද ඔහු කියා සිටියේය.ගමන් ගොස් එන අතරතුරදී මගේ ජංගම දුරකථනය නාද වුණා.ඊට පිළිතුරු දීමට වාහනය රිටිගල පෙනෙන මානයේ පිහිටි නතර කළා. දුරකථනයට පිළිතුරු දෙමින් සිටියදී රිටිගල ඉහල අහසේ කහපාට හා නිල්පාට එළිය විහිදෙන රවුම් හැඩය ඇති කරත්ත රෝදයකට වඩා පුංචි පීරිසියක් වැනි දෙයක් පාවෙනවා දුටුවා.
ජංගම දුරකථනයෙන් එය ඡයාරූප ගත කළත් එය කැමරාවට හසු වී නෑ.එම වෙලාවේ පාරේ ගමන් ගත් වාහන කිහිපයක්ම නතර කර මේ අද්භුත වස්තුව නැරැඹුවා. අයෙකු ටැබ් එකකින් ඡයාරූප ගත්තා. ඒකටත් මේ අද්භුත වස්තුව හසු වූයේ නැහැ.
විටින් විට නිල්පාට කහපාට එළිය දැල්වුණ අතර නිවී යනවා.යළි දැල්වෙනවා.මේ ආලෝක ධාරා දීප්තිමත් නැහැ. මද එළියක් තමයි තිබුණේ.
පසුව මේ අද්භුත වස්තුව ටිකෙන් ටික නැගෙනහිර දිසාවට පාවී ගොස් විනාඩි කිහිපයකින් නොපෙනී ගියාZ යයිද ඔහු කියා සිටියේය.
Blogger Comment
Facebook Comment