IS එරෙහි සටනට ජර්මනියත් එක් වෙයි

IS කැරලිකරුවන්ට එරෙහිව සිරියාවේ කෙරෙන සටනට හමුදා සහාය ලබා දීමේ යෝජනාව ජර්මනියේ පාර්ලිමේන්තුව ඉහළින්ම අනුමත කර තිබේ.
ඊට පක්ෂව ඡන්ද හාරසිය හතලිස් පහක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද එකසිය හතලිස් හයක් පමණයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහිව කෙරෙන සටනට එක් වීම සඳහා ජර්මනිය ගත් තීරණය පිළිබඳව ප්‍රංශය ප්‍රසාදය පළ කළේය.

යුද භටයන්

මේ පිළිබඳව අදහස් දැක්වූ ජර්මානු විදේශ ඇමති ෆ්‍රෑන්ක් වාල්ටර් ස්ටයින්මයර් කියා සිටියේ වසර ගණනාවක් යන තුරු සිරියාවේ හමුදා රඳවා තැබීමට ඇමරිකාවට, රුසියාවට හෝ තමන්ට ද අවශ්‍යතාවක් නොමැති බවයි.
ජර්මානු පාර්ලිමේන්තුව අනුමත කළ පරිදි සිය ප්‍රහාරක ගුවන් යානා සහ යුද නැවක් සිරියාවට යැවීමට නියමිතයි.
මීට අමතරව යුද භටයන් දොළොස් දහසක් ද යැවෙන නමුත් ඔවුන් යුද බිමේ කටයුතු සඳහා යෙදවීමෙන් වැළකී සිටින බවයි ජර්මනිය පවසන්නේ.
බ්‍රිතාන්‍යය ද ඊයේ (03) IS ඉලක්කවලට පහර දීම ආරම්භ කළේ ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි.
උපුටා ගැනීම BBC සිංහල ඇසුරිනි 
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment