Sanoja Bibile Speaks About Incident of Jewelry Theft


පසුගියදා අවමංගල්‍ය උත්සවයකට සහභාගිවූ ප්‍රකට නිළි සනෝජා බිබිලේට අයත් ලක්ෂ 45 පමණ වටිනාකමින් යුත් ස්වර්ණාභරණ වාහනයක තිබී කිසිවෙකු සොරකම් කර තිබුණා.
නැසීගිය නිළි දමිතා සළුවඩනගේ අවමංගල්‍ය කටයුතු වලට යාමට ඇයත් ඇගේ සොයුරියත් පියාත් ගිය ගමනකදී මෙම ඇබැද්දිය සිදුවුණා. ඔවුන් වාහනයෙන් බැස උත්සවය නිමාකර නැවත වාහනයට එනවිට මෙම සොරකම දැක තිබුණා.
සනෝජා කියන්නේ මෙම සොරකම සිදුවන්නට ඇත්තේ
වාහනයෙන් බැස්ස අවස්ථාවේ ඇගේ සොයුරිය කියූ වචනයක් අවට අය අසා සිටි නිසා බවය.
ඇය ඒ ගැන මෙසේ කියයි.
zපසුගිය ඉරිදා දමිතා සළුවඩනගේ අවසන් කටයුතු වලට සහභාගි වෙන්න යන්න ලෑස්ති වෙලා මට තනියම යන්න බැහැයි කියලා මම බලෙන්ම වගේ අප්පච්චිවයි අක්කාවයි අ~ගහ ගත්තා.

අපේ අක්කා ගෙදර තියෙන රත්තරන් බඩු සල්ලි, බැංකු පොත්, ජංගම දුරකතනය වගේ වටිනා කියන දේවල් ටිකත් අරගෙනයි ආවේ. අපි මළගෙදර යද්දී හවස 2.45ට විතර ඇති.

අක්කා කාර් එකෙන් බැහැලා යන්න යනකොට කිව්වා රත්රන් බඩු ටික කාර් එකේ කියලා. ඒ වෙලේ මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.

මළ ගෙදර යන්න සිහියෙන් හිටපු නිසා කාර් එක ලොක් කරලානේ තියෙන්නේ කියලා ඒ වෙලේ මට කියවුණා. ඊට පස්සේ මළ ගෙදරට ගිහින් 4.30ට විතර එළියට ආවේ... එළියට ඇවිල්ලා බලද්දී කාර් එකේ පිටිපස්සේ වීදුරුව කඩලා තිබුණ සේරම දේවල් අරගෙන තිබුණා.

මේක දන්න කෙනෙක් කළා වෙන් බෑ. කවුරුත් දන්නේ නැහැ අපි රත්තරන් බඩු යන එන තැන්වල ගෙනියනවා කියලා. මට හිතෙන්නේ අපේ අක්කා එළියට බැහැලා ඒ වෙලේ කිව්ව වචනේ අහන් ඉන්න ඇති එතන හිටපු කවුරුහරි. අනෙක එතැන නාඳුනන පුද්ගලයෝ හතර පස් දෙනෙක්ම හිටියා.

පිළියන්දල පොලිසියට පැමි‚ලි කළා. එයාල ගොඩක් කැපවීමක් මහන්සියක් අරගෙන මේ ගැන සොයනවා. ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි පොලිසිය ගැන. දැන් පොලිසියෙන් තොරතුරක් ලැඛෙනකම් බලන් ඉන්නේ. උඩ දෙවි කෙනෙක් ඉන්නවා නම් අපිට ඒ රත්තරන් බඩු ලැඛෙන්න ඕනි.Z
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment