ුස්වැල් කෙතරම් හයිය වුණත් අගමුල නැති වැල් කෙතරම් දුර්වල වුණත් ඒ දෙකම
බලන්නේ ගස්වල එතෙන්න. ඒ වගේම තමන් කරන වෘත්තිය කෙතරම් ප්‍රබල වුවත්
වෘත්තිය පෞරුෂය කෙතරම් තිබුණත් ආදරයේ දී තරුණියන්ගේ සිත් බොහෝ විට
වැල් වගේ. කාලයක් තිස්සේ සම්ප්රදායක් ලෙස එන නිසාදෝ සියයට සියයක්ම
පෙම්වතියන් සොයන්නේ තමන්ට වඩා ඩිංගක් හරි උස පිරිමින්වයි. පීතෘ මූලික
සමාජයේ පිරිමියා උසස් යැයි සම්මතයක් තිබීම එයට හේතුව ද? නැතහොත්
ඇමසන් යෝධියන් ආදීන්ගේ මාතෘ මූලික සමාජ විනාශ වී යාම නිසා ක්‍රමිකව
විකාශනය වී ජානගත වූ හැඟීමක් දැයි එයට පිළිතුරු සොයා ගත යුතුව තිඛෙනවා.
අපේ සමීක්ෂණයට අනුව අඩුම තරමින් අඩි 5 අඟල් 6 ක්වත් නැත්නම් අද
තරුණයකුට තරුණියකගේ හිත දිනා ගැනීමට තරමක් අපහසුයි. තරුණියන්ගෙන් සියයට සියයක්ම තමන්ට වඩා උස පිරිමියකු පතන
අතර ඉන් සියයට 10 ක් අඩි 6 ටත් වඩා උස පෙම්වතෙකුගේ සුරතේ වෙලි යාමට ප්‍රිය කරනවා. ගණකාධිකාරීවරියන්, නීතිඥවරියන්,
ක්‍රීඩිකාවන්ගේ හිත ගන්න නම් තරුණයන්ට සෑහෙන්න ලබාර් එක්සර්සයිස්ල කරන්න වෙයි කියලයි හිතෙන්නේ.
තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ ජෝඩු ඕන තරම් පාරේ දැක්කට අපේ සමීක්ෂණයේදී බොහෝ කුමරියන් පතන්නේ
කළුකුමාරයන් නොවේ කියලත් අනාවරණය වුණා. හුඟක් අය ලපිරිමි පාටල කියා හැඳින්වූයේ තලෙළු පාටට. සුදුම තරුණයකු විය
යුතුයි කියන මතයට බොහෝ ඇඟලූම් සේවිකාවන් වගේ ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් එකඟ වුණාග සියයට 20 ක් විතර තරුණියන්ට
නම් පාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් තලෙළු අයට නම් ඉල්ලූම බොහොම වැඩියි. ඒ සියයට 80 ක්.
සමහර තරුණයෝ ඇඟ හදාගන්න කියල ජිම් ගියාට තරුණියන් ගෙන් සියයට අනූපහක්ම කැමැති සාමාන්‍ය සිරුරු සහිත
තරුණයන්ට. ඒකට නම් රැකියා භේදයක් ඇත්තෙම නැහැ. ඉතිරි සියයට පහ වුණත් ඕනවට වඩා මාංශ පේශි උළුප්පගෙන ඉන්න
කොල්ලො ගැන කතා කළේ පිඹුරන් වගේ වෙන්න බෑ කියලයි.
වෙනසක් කරන්න කියලා කොණ්ඩේ වැව්වට තට්ටේ ගෑවට ආකර්ෂණය ඇති වෙන්නේ නෑ කියන්න හොඳම සාධකය තමයි සියයට
අනූවක් දෙනා පිළිවෙළට කොණ්ඩේ කපලා ඉන්න තරුණයන් ගැන හීන මැවීම. ලපොලිස් කට්ල කපන අයටත් සියයට දහයක් විතර
කැමැතියි. ඒ ඇඟලූම් ක්ෂේත්රයේ තරුණියන් ගෙන් සමහරුයි. විශේෂය තිඛෙන්නේ සමහර නීතිඥවරියන් ඉඳහිට කොණ්ඩෙ
වවනවාටත් කැමැති වීමයි. ඒත් සියයට පහයි.
සියයට හැත්තෑවක්ම තරුණියන් රැවුල හොඳට කපලා පිළිවෙළට ඉන්න තරුණයන්ට තමයි කැමැති. හැබැයි සමහර නිළියන් චූටි
කටු රැවුළක් තිඛෙනවටත් කැමැති වුණා. ලපොන්ටින් කට්ල එක වගේ පොඩි රැවුල් මෝස්තරයක් ඉවසගන්න නීතිඥවරියන්,
ගණකාධිකාරිවරියන්, ගුරුවරියන් සමහරවිට කැමැතියි. ඒත් රැවුළ වැව්වාම නම් වයසක පාටයි කියලා තමයි බොහෝ තරුණියන්
හිතන්නේ.
ඔය විදිහට පෙනුම බලලා තෝරගන්න පෙම්වතාට ස්ථිර රැකියාවක් තිඛෙන්නට ඕන කියන එක නම් සියයට 80 ක්ම අනුමත කළා.
සමහරුන්ට එය පෞද්ගලික අංශයේ වුණත් කමක් නෑ. ඒත් සමහර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් වගේම නිළියනුත් රජයේ රැකියාවක්
කරනවට කැමැතියි. සමහර නීතිඥවරියන් සහ ඇඟලූම් සේවිකාවන් ව්‍යාපාරිකයන්ට කැමැතියි. ඒත් ගුරුවරියන් ගෙන් සමහරුන්
කීවේ මාධ්‍ය, ගුරු, නීතිඥ වැනි වෘත්තිකයන්ට අකමැති බවයි. ගණකාධිකාරිවරියන් බොහෝ දෙනකු තමන් වගේම ගණිත ශාස්ත්‍රයට
නැඹුරු වෘත්තීන්වල යෙදෙන්නන් ගැන උනන්දුයි. ඒත් රජයේ රැකියාවල කිසිම නිදහසක් නෑ කියලා මතයක් ඇඟලූම් සේවිකාවන්
අතර තිඛෙනවා.
රැකියාව වගේම වාහනයකුත් තරුණයකුට තිබීම ගෑනු ළමයින්ගේ හිත ගන්න හේතුවක් ද? ඔව්. සියයට 70 ක් අයට වාහනයක
Blogger Comment
Facebook Comment