Improve your memory with a simple hand trick - ඕනෑම දෙයක් විස්මිතව මතක තබා ගත හැකි සරල ක්‍රමයක් ඔයාලත් හත්හදා බලන්න

අත් දෙකම පමණක් භාවිතා කරමින් ඕනෑම දෙයක් මතක් කරගන්නා වූ ක්‍රමයක් ගැන අද ඔබට පැවසුවොත් ඔබ විශ්වාස කරනවද ? ඇත්තෙන්ම නැහැ නේද ?එහෙත් මේ කතාව නම් සත්‍යයි. මෑතකදී සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ. මේ ක්‍රියාවේදී ඔයාලට කරන්නට
තියෙන්නේ කුමන හෝ දෙයක් මතක් කරගන්න අවශ්‍ය වූ විට ඒ සඳහා මොලය වෙහෙසන්නේ නැතුව අත් දෙක භාවිතා කිරීමයි. මේක ඉතාමත් සරල ක්‍රමයක් නිසා මෙමගින් ඇත්තටම මතක් කරගත හැකිදැයි යන සැකය ඔයාලට ඇති වීම සාමාන්‍යයි. මෙම පර්යේෂණය අනුව සිදු කල යුත්තේ කුමක්ද කියල අපි දැන් සොයා බලමු.

ුලින්ම කරන්න ඕන දෙය නම් ඔයාලට යම් දෙයක් මතකයේ තබා ගැනීමට ඔයාලගේ දකුණු අත හොඳින් මිටි මොලවා තබා ගැනීමයි.
දැන් ඔයාලට ඒ මතකයේ තැන්පත් කල දේ ආවර්ජනය සඳහා කල යුත්තේ ඔයාලගේ වම් අත මිටි මොලවා තබා ගැනීමයි. මෙමගින්
පහසුවෙන් ඔයාලට එය මතකයට නගා ගැනීමට හැකි වේවි.
තත්පර 90 ක කාලයක් දකුණත මිටි මොලවාගෙන තබා ගැනීමෙන් ඉගෙන ගත් දෙය හොඳින් මතකයේ රැඳී පවතින බව විද්‍යාඥයන්
විසින් පර්යේෂණයකින් සොයා ගනු ලැබුවා. ඒ වගේම වමත තත්පර 90 ක කාලයක් පෙර පරිදිම මිටි මොලවා තබා ගැනීමෙන්
මතකය විස්මිත ලෙස නැවත ලබා ගැනීමට හැකියාව ඇති බවත් සනාත කෙරුනා. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මෙම
ක්‍රියාවලිය මගින් මොලයේ නියුරෝනවල ක්‍රියාකාරිත්වය වැඩි වී මතක ශක්තිය වර්ධයන කරවන බවයි.
සැමන්, ඔලිව් තෙල්, වැනි ඔමේගා 3 මේද අම්ල අඩංගු ආහාර ගැනීමෙන්ද මතක ශක්තිය වර්ධනය කරගත හැකි බව
පර්යේෂණයෙන් සනාත වී තිඛෙනවා. මන්ද ඔමේගා 3 මේද අම්ලය මොලයේ ක්‍රියාකාරිත්වය සඳහා මනා උත්තේජනයක් ලබා දෙනවා.
අඩුම තරමේ පැය අටක්වත් නිදාගැනීමෙන් ස්නායු සඥා සහ මොලයේ ෙසෙල වර්ධනය මනා ලෙස සිදුවන බවත් කෝපි මගින්ද
මොලයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන බවත් ඔහුන් සඳහන් කරනවා.
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment