Extremely Efficient Potato Rinse Can Save You Tons of Money on Hair Dye - හිස කේ සුදු වෙලාද එහෙනම් මෙන්න හිස කේ ස්ථිරවම කළු කරවන පුදුම සත්කාරය


කොණ්ඩය හෙවත් හිසකෙස් සඳහා ලොකු කුඩා බාල මහලූ සෑම දෙනා දක්වන්නේ
පුදුම උනන්දුවක්. කොතරම් වයසට ගියත් කොණ්ඩය කලූ කර තබා ගැනීමට
මිනිසුන් දරනා උනන්දුවෙන් පේන්නේ zහිසකෙස්Z අප තුළ සිදුකර ඇති බලපෑමයි.
හිසකෙස් zසුදුවීමZ ගැන අද අපි කතා කරමු. හිසකෙස් zසුදුZ වෙන එක ගැන
සාකච්ඡා කරන්න පළමුව හිසකෙස් වල ඇති වර්ණය ගැන ටිකක් දැන ගෙන ඉඳිමු.
හිසකෙස් වල වර්ණය සඳහා පාදක වන්නේ එහි ඇති zමෙලනින්Z නම් වූ
වර්ණකයයි. මෙම වර්ණකය වර්ග දෙකක් ලෙස හිසකෙස් තුළ දක්නට ලැඛෙනවා.
ඒ තැඹිලි හා කහ පාටට ඇති ඡයැදපැක්බසබ සහ කලූ දුඔරු පාටට ඇති
ැමපැක්බසබ වර්ණකයි. මෙම වර්ණක දෙකේ සම්මිශ්‍රණය අනුව අපිට අපගේ
හිසකෙස් වල ස්වභාවික වර්ණය ලැඛෙනවා. මෙම වර්ණක දෙකේ අනුපාතය අනුව කලූ පාට, දුඔරු පාට, විදේශික යන්ගේ දක්නට
ලැඛෙන තඔ පාට, රතු පාට ආදී ලෙස වර්ණය තීරණය වෙනවා. මේ ආකාරයට අපිට ස්වභාවිකව ලැඛෙනා වර්ණකය අපගේ
පරම්පරාගත ජාන අනුව, භූගෝලීය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමෙහි වර්ණය හා ඇස් වල වර්ණය පවා
සමහර විට ඒ අනුව තීරණය වෙනවා. දේශීය හා විදේශීය පුද්ගලයන් නිරීක්ෂණය කිරීමේදී මේ කාරණය ඔබට වඩාත් පැහැදිලි
වෙනවා ඇති.
හිසකෙස් zසුදු වීමZ යන ක්‍රියාවලියේදී සිදුවන්නේ zසුදුපාටZ වර්ණකයක් ඇතිවීම නම් නෙවෙයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ
හිසකෙස් වල ඇති ස්වභාවික වර්ණය වයස්ගත වීම හෝ වෙනත් හේතූන් නිසා නැති වී යාමයි. වර්ණකය නොමැතිව, අවර්ණ වූ
හිසකෙස් zසුදුපාටZ ලෙස දර්ශනය වනවා. අවර්ණ වූ හිසකෙස් සුදුපාටට පෙනෙන්නේ ආලෝකය ඒ මත පරාවර්තනය වීම නිසයි.
හිසකෙස් සුදුවීම සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ වයසට යාමයි. මෙලෙස හිසකෙස් සුදුවන වයස ජානමය හා භූගෝලීය
සාධක අනුව වෙනස් වනවා. බටහිර ජාතීන්ගේ වයස 30 ආසන්නයේදීත්, ආසියානු ජාතීන්ගේ වයස 40 ආසන්නයේදීත් අපි්‍රකානු
ජාතින්ගේ වයස 50 ආසන්නයේදීත් මෙලෙස සුදුවීම පටන් ගන්නා බව නිරීක්ෂණය කර තිඛෙනවා.
මීට අමතරව සමහර අවස්ථා වලදී කුඩා වයසේදී පවා සුදු කෙස් ඇතිවීම සිදුවෙනවා. මෙය ජානමය හේතු නිසා හෝ තයිරොක්සීන්
ඌනතා නිසා, විටමින් ඕ12 ඌනතාව ආදී රෝග තත්ත්වයන් නිසා හෝ සමහර විට ඇතිවිය හැකි වෙනවා.
හිසකෙස් සුදු වීම හෙවත් හිසකෙස් වල වර්ණය වෙනස් වීම සඳහා බලපාන සාධක ගැන සොයා බලමු. මුලින් සඳහන් කළ පරිදි
ප්‍රධාන සාධකය වන්නේ වයසට යාමයි. ශරීරයේ ඇති කෙස් හෙවත් රෝම වර්ග සුදු වීම බොහෝ විට සිදුවන්නේ මුලින්ම නාසයේ
ඇති රෝම සුදු වීමත්, මීළඟට රැවුල ප්‍රදේශයෙත්, මීළඟට ශරීරයේ අනෙක් කොටස් වල ඇති රෝමත් අවසානයේ දී ඇහිබැම තුළ
ඇති රෝමත් යනාදී ලෙසයි.
වයස්ගත වීමට අමතරව ලෙඩ රෝග වැනි වෛද්‍යමය කාරනා මේ සඳහා බලපානවා. සුදු කබර ඇතිවීම හෙවත් සමෙහි මෙලනින්
වර්ණකය නැති වී යාමද, උපතින්ම මෙලනින් වර්ණකය අහිමි වන zඇලිZ (Aකඉසබසිප) රෝග තත්ත්වයේදී මන්ද පෝෂණය ඇති විටදී
හිසකෙස් වෙනස් වර්ණයන්ට හැරීමද, විටමින් ඊ12 ඌනතාවයද, උැරබැර ීහබාරදපැ නම් වූ රෝග තත්ත්යද මෙහිදී සඳහන් කළ
හැකි තත්ත්වයක් වෙනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ zපීනසZ සමඟ හිසකෙස් සුදුවීමේ ස්වභාවයක්
නොමැති බවයි.
පීනසට හිසකෙස් සුදුවීම කිසියම් සමාජමය විශ්වාසයක් පමණක් වනවා. මෙම කාරණා වලට අමතරව zදුම්පානයZ කිරීම අකලට
හිසකෙස් සුදුවීම කෙරෙහි තදින්ම බලපාන දෙයක් වනවා. දුම්පානය කරන අයගේ අකලට හිසකෙස් සුදුවීමේ ඉඩකඩ දුම්පානය
නොකරන අයකුට වඩා හතර ගුණයක් වැඩිවන බව සොයාගෙන තිඛෙනවා.
Share on Google Plus

    Blogger Comment
    Facebook Comment